main page

         සංයුක්ත ගණිතය විශය යනු සිද්ධාන්ත සුළු ප්‍රමාණයක් ඇති නමුත් ගැටලු විසඳීම තුලින්ම පන්නරය විය යුතු විශයකි. සිද්ධාන්ත කටපාඩම් කර දැනුමක් ලබා ගැනීමෙන් විශයෙහි ප්‍රවීණයෙකු විය නොහැකි අතර තර්කානුකූලව ගැටලු විසඳීම තුලින් බුද්ධිය වර්ධනය කර ගැනීමෙන් පමණක් විශයේ පරතෙරට යා යුතු විශයකි.
       ගණිතය විශය හැදෑරීමේ දී සිසුන් මුහුණ දෙන විශාලතම අභියෝගය නම්, විශය නිර්දේශයට අනුකූල ගැටලු ඕනෑ තරම් සොයා ගත හැකි මුත් , ගැටලු විසඳන අතරතුර විසඳීම අසීරු වූ විට (අතරමඟ හිර වූ විට) එම ගැටලුව පසෙක දමා ඊලඟ ගැටලුවට යාමයි. අවසානයේ විශාල කාලයක් ශ්‍රමය සහ බුද්ධිය වෙහෙසවා ඉතිරි වනුයේ අඩක් විසඳූ ගැටලු ගොන්නකි.සියළුම සිසුන්ට අදාල නොවූවත් බහුතරයක් සිසුන්ට ඇති ඉතා පොදු ප්‍රශ්නයකි ඉහතින් දැක්වූයේ.මේ නිසාම සංයුක්ත ගණිතය නීරස විශයක් බවට පත් වී අවසානයේ උසස් පෙළ විභාගයම අසාර්ථක වීමට හේතුවක් වනු ඇත. 
    ඉහත අඩුව හඳුනාගෙන එක් පාඩමක් සඳහා විසදූ ගැටලු විශාල ප්‍රමාණයක් සහිතව අන්තර්ජාලය හරහා ඔබ වෙත එන මෙම පාඩම් මාලාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම්,ගැටලු තනිවම විසඳීමට උත්සහ කර අසීරු වූ විට පමණක් ආදර්ශ පිළිතුරු හා සැසඳීම යෝග්‍ය වේ.නවකතාවක් කියවන අයුරින් හෝ සිද්ධාන්ත පොතක් කියවන අයුරින් පිළිතුරු කියවාගෙන යන්නේ නම්,ඔබ කරනුයේ හුදෙක් කාලය කා දැමීමක් පමණි.  
        මෙම පාඩම් මාලාව අධ්‍යයනය කල යුතු සිසු පිරිස කුමන ශ්‍රේණියේ දැයි විශේෂ වෙන් කිරීමක් නැත.යම් පාඩමක සිද්ධාන්ත ඔබ ඉගෙනගෙන ඇත්නම් එයට අදාල ගැටලු විසඳීමට ද ඔබට හැකි විය යුතුය.
ඉතින් එන්න නැවුම් හුස්මක් ගෙන, අපි වැඩ අරඹමු.